ජල සම්පාදනේ අද වැඩ වර්ජනයක

water-board-strike

ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඒ අනුව මාර්තු 23 දින දිවයින පුරා සියලූ කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් පෙ.ව. 9.00 සිට ප.ව. 5 දක්වා රාජකාරීවලින් බැහැර වේ. කාර්යාල සේවාවක් සහ පාරිභෝගික සේවාවන් ඉටු නොවේ. අයකැමි අංශ වැසේ.

ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා ජල පොම්පාගාරවල කටයුතු පමණක් සිදුවේ. කිසිදු බිඳ වැටීමක් අලූත්වැඩියා නොකෙරේ. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාලවිය හැකි බවද සඳහන් කරමු.

රාජකාරීවලින් බැහැරවන බස්නාහිර පළාතේ සියලූම සේවකයින් දහවල් 12 ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වී දැවැන්ත විරෝධතාවයක යෙදේ. එසේම දිවයින පුරා සියලූ ප්‍රාදේශීය මුලස්ථාන ඉදිරිපිට එනම් අනුරාධපුරා, කුරුණෑගල, නුවර, මාතර, බදුල්ල, රත්නපුර, මොණරාගල, වවිනියාව සහ සියලූ කාර්යාල ඉදිරිපිට දී දහවල් 12 ට විරෝධතා පැවැත්වේ.