රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් අඩු කරන බවට නිවේදනයක්!

රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් අඩු කරන බවට නිවේදනයක්!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) දැනුම්දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ උත්සවයකදී මාධ්‍ය අමතමින් සඳහන් කරයි.

රටේ විශාල රාජ්‍ය සේවය රටට බරක් බවත් එය රටට දැරීමට නොහැකි තත්වයක් බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් දැනුම්දී ඇති බවද අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කරයි.

 

ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ට මේ වන විටත් වැටුප් ගෙවමින් එම බර දරා සිටින බැවින් සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් රටේ අනාගතය උදෙසා එලෙස කටයුතු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.