නගර සභා සේවකයින් දෙදෙනෙක් මරුට

නගර සභා සේවකයින් දෙදෙනෙක් මරුට

කොළඹ මහනගර සභාවේ සේවකයින් දෙදෙනකු කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා

මළ අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී එක්වරම ඔවුන් සිහිසුන්ව ඊට ඇඳවැටී තිබෙන අතර පසුව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර  සිටියදී ඔවුන් දෙදෙනා මෙසේ මියගොස් තිබේ.