වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයකට සූදානම්

වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයකට සූදානම්
අද (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි.
 
ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් විසින් මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.
 
ඒ් අනුව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මෙසේ කියා සිටියේය.
 
"සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට දවසේ දවල් 12 කොළඹ කොටුවෙදී දැවැන්ත ව්‍යාපාරයක් පවත්වනවා. දසදහසකට වැඩි පිරිසක් කොළඹට රැගෙවිත් විරෝධය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. වෘත්තීය සමිති එකමුතුව හැටියට 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැළියක් පවත්වනවා. ඉල්ලන්නේ වැඩ වර්ජන නම් වැඩ වර්ජන දෙන්නත් සූදානම්" යැයි හෙතෙම සඳහන් කළේය.
 
 "අද සමස්ථ වෘත්තීය සමිත එකතුවෙලා තීරණයක් ගත්තා මේ අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම රටේ සමස්ථ මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති මෙතනින් එහාට පෙනී සිටින බව අපි පැහැදිලිවම කියනවා" යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේ ෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේය.