ජල සටන ජයග්‍රහණයෙන් නිම කරයි

ජල සටන ජයග්‍රහණයෙන් නිම කරයි

ජල සම්පාදන සේවකයින්ගේ ඉල්ලීම් ඉටුවීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය 07 වන දා සිට අවසන් කරන ජයග්‍රහණයෙන් අවසන් කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජල සම්පාදන සේවකයින් මාර්තු 01 දින සිට තමන්ගේ ඉතිරි වෛද්‍ය නිවාඩු වලට ගෙවීම් අහිමි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයවල එළඹ සිටි අතර බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම අනුව අප්‍රේල් 04 දා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී.

04 වන දා ආරම්භ කරන ලද වෘත්තීය යාමාර්ගයේදී සියලූ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවාවලින් ඉවත්විය. ජල පොම්පාගාරවල කටයුතු පමණක් ඉටුවිය. එදින ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර අප්‍රේල් 06 දින සවස භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් ලබාදුන් ලිඛිත අනුමැතිය ලැබුණි.

ඒ අනුව ඉල්ලීම ඉටුවීම නිසා අපගේ වෘත්තීය ක්‍රියාමාර්ගය 07 වන දා සිට අවසන් කරන ලදී.