රාජ්‍ය සේවකයින්ගේ පඩි සම්බන්ධ චක්‍රලේඛය එයි

රාජ්‍ය සේවකයින්ගේ පඩි සම්බන්ධ චක්‍රලේඛය එයි
2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය රජය විසින් නිකුත් කර තිබේ.
 
පසුගිය 03 වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම තීරණය ගනු ලැබූ අතර එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා අදාළ නිලධාරියාට හිමි මූලික වැටුප ගෙවිය යුතු බවය.
 
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතු එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේවන විට නිකුත් කර තිබේ. 
 

එම චක්‍රලේඛය පහතින් දැක්වෙයි.

sewaka