අපොස සාමාන්‍ය පෙළ කල්දමයි

අපොස සාමාන්‍ය පෙළ කල්දමයි

පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් බදු අයකිරීම සම්බන්ධයෙන් දැනට වර්ජනයක යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව මේ දක්වා සිදුකර නොමැති තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.