අවුරුදු නැකතට සමෘද්ධි බැංකු වසා දැමීමට සැරසෙයි ?

අවුරුදු නැකතට සමෘද්ධි බැංකු වසා දැමීමට සැරසෙයි ?

මුදල් හර කිරීමේ ක්‍රියා පටිපාටිය උල්ලංඝණය කර අප්‍රේල් 22 දින සමෘද්ධි බැංකු අරමුදලින් අවුරුදු උත්සව පැවැත්වීමට රු.ලක්ෂ 816 ක විශාල මුදලක් ගෙවීම සදහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් විසින් (11) දින නිකුත් කර ඇති ලිපියට විරෝධය පල කිරීම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අප්‍රේල් 22 දින සමෘද්ධි අවුරුදු උත්සව පැවැත්වීම වෙනුවෙන් වැයවන ලක්ෂ 816 ක වියදම පියවා ගැනීම සදහා එක් සමෘද්ධි බැංකුවකින් එහි අරමුදලින් රු.75000/= බැගින් ලබා ගැනීම සදහා මුදල් හර කිරීමේ ක්‍රමවේදයට ද පටහැනි ලිපියක් 2023.04.11 දින සියළු සමෘද්ධි බැංකු වෙත එවා ඇත.

මෙය විරෝධය දැක්වීමක් ලෙස අප්‍රේල් 15 දින සමෘද්ධි බැංකු වසා දමා නැකතට ගනුදෙනු කිරීමෙන් ඉවත් වීම හා සමෘද්ධි අවුරුදු උත්සව පැවැත්වීම වෙනුවෙන් සමෘද්ධි අරමුදලින් රු. කෝටි 08 අනිසි ලෙස වියදම් කිරීමට එරෙහිව වෘත්තීය සංගම් 10 ක් විසින් අදාල කාර්යයන් වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.