ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ මැයි දින පූජාව

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ මැයි දින පූජාව

මෙරට පවත්වන පැරැණිතම මැයි රැළියක් වන ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ මැයි රැළිය 64 වරටත්  පැවැත් වුණි.කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයෙන් ආරම්භ වූ කම්කරු රැළිය අවට වීථිවල සංචාරය කිරීමෙන් අනතුරුව එම දේවස්ථානයට පැමිණ කම්කරු පූජාව පවත්වනු ලැබීය.

එම පූජාව පවත්වනු ලැබූයේ රදගුරු නිශාන්ත ප්‍රනාන්දු හිමිපාණන්  විසිනි.  මෙහිදී  අදහස් දැක් වු නිශාන්ත පුනාන්දු කුරුනෑගල  රදගුරුතුමන් කියා සිටියේ ,  මේ වැඩකරන පංතියේ ජනතාවගේ සාමූහිකත්වය සමගින් කම්කරු අයිතීන් දිනා ගැනීමේ දේව කන්නලව්ව සමගින් සාමූහිකව ප්‍රායෝගිකව සටන් කිරීමේ කටයුතු ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය ක්‍රියාත්මක කරන බවයි. එහිදී ජාති ආගම් කුල භේද කිසිවකින් තොරව එම සටන් අවිහිංසාවාදීව ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී සත්‍යවේල් පියතුමා සහ කම්කරු සහෝදරත්වය මැයි සමරුවේ සමාරම්භකයෙකු වන වෛද්‍ය නර්මේ වික්‍රමසිංහ මහතාද අදහස් දැක් වූහ