පළාත් පාලනයට නාම යෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින්ට සහන

පළාත් පාලනයට නාම යෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින්ට සහන

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන් සඳහා සහන ලබා දීම සඳහා කැබිනට් අනුමැති ලබාදී ඇත.

ඒ අනුව, 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිරීක්ෂණ සැලකිල්ලට ගෙන ඇත.

ඒ අනුව රජයේ නිලධාරින් තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවක නිරත වී සිටින්නේ නම්, ඔවුන්ට නැවත සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි එම ඡන්ද කොට්ඨාසයෙන් පිටතට ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීමට ඉඩකඩ සලසා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.