ගුරු අධ්‍යාපනඥයින් අද සංකේත වැඩවර්ජනයක

ගුරු අධ්‍යාපනඥයින් අද සංකේත වැඩවර්ජනයක
දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19, ගුරු විද්‍යාල 08 සහ ගුරු සේවා මධ්‍යස්ථාන 113 හි සේවය කරන ගුරු අධ්‍යාපනඥයින් අද සේවයෙන් ඉවත් වී සංකේත වැඩවර්ජනයක නිරත වනවා.
 
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සම ලේකම් ධම්මික මිරිහාන පැවසුවේ වසර ගණනාවක සිට ගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් එම  වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
 
මෙම වර්ජනය සඳහා විද්‍යාඵීඨ ,ගුරු විද්‍යාල සහ ගුරු වෘත්තීය සංවර්ධන මණ්ඩලයන්හි ගුරු අධ්‍යාපනඥයින් සේවා නිලධාරීන් රැසක් එක්ව සිටියි.