MEDIA Pro-tech සංවිධානය යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ සාමාජිකත්වය ලබාගෙන ප්‍රථම මහා සභාව ඓතිහාසිකයි - ජය ශ්‍රී ප්‍රියලාල්

MEDIA Pro-tech සංවිධානය යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ සාමාජිකත්වය ලබාගෙන ප්‍රථම මහා සභාව ඓතිහාසිකයි - ජය ශ්‍රී ප්‍රියලාල්

(ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ හත්වන සාංවත්සරික උත්සවයට සහ MEDIA Pro-Tech සංවිධානයේ ප්‍රථම මහා සභාවට යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ සුභාශිංෂණය)

තොරතුරු තාක්ෂණය නව ශිෂ්ඨාචාරයක් ලොවට හඳුන්වා ඇති යුගයක මාධ්‍ය වේදීන්ගේ සමුළුවකට ‌ සුභාශිංෂණ පණිවිඩයක් ලබාදීමට යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයට කල ඇරයුමට සහෝදරාත්මකව ස්තුතිවන්ත වන්නෙමු.

ජනමතය හැඩගැසීමේ මූලික සමාජ වගකීම පැවරී ඇති ජනමාධ්‍යවේදීන් සිය වෘත්තීය කරගෙන යාමේදී පැන නැගෙන ගැටුම් සහ අභියෝගවලට මුහුණ දීමට ශක්තිමත් හඬක් සමග වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීමට, ලොව පුරා රටවල් 140, වෘත්තීය සමිති 900 නියෝජනය කරන මිලියන විස්සක සාමාජිකත්වය දරන සේවා අංශයේ වෘත්තිකයින්ගේ ගෝලීය වෘත්තීය සමිති ජාලය ඉදිරිපත්වෙන බව තහවුරු කරමින් මෙම පණිවිඩය පිලිගන්වන්නෙමු.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින සමාජවල ජනමතය නොමගයැවීමට, පසුගිය මැතිවරණ වලදී ජනමාධ්‍ය කටයුතු කර ඇති ආකාරය, දියුණු කාර්මික රටවල් වල සහ දිළිඳු සංවර්ධනය වෙමින් පවතින රටවලද සිදුවන්නේ ඒකම ආකාරයටය. මෙම ක්‍රියාවලියේ අයහපත් ප්‍රථිපලය වන්නේ තැලෙන පෙලෙන ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන නුසුදුස්සන් දේශපාලන බලය අත්පත් කරගැනීමය. 2022 ශ්‍රී ලාංකිකයන් අරගලයකට රොඳබදිමින් දූෂිත දේශපාලකයින් පන්නා දැමීමට ගත් උත්සහය ප්‍රශංෂණීයය. නමුත් අරගලයේ අපේක්ෂිත අරමුණු මුදුන්පත් කරවීමට ජනතාව දැනුවත් කිරීම ඔබ සංවිධානවලට විශාල වගකීමක් පැවරී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජන විශ්වාසය රැකගැනීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය යැයි හඳුනාගෙන කටයුතු කලයුතුවේ.

MEDIA Pro-tech සංවිධානය යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබාගෙන ඒහි ප්‍රථම මහා සභාව කැදවීමට ගත් තීරණය ‌ඓතිහාසික වැදගත් කමක් ඇතැයි අප ප්‍රකාශ කර සිටිමු. අරගල සමයේදී සිරස ජනමාධ්‍යවේදීන්ට 2022 ජූලි 09 දින ඒල්ල කල ප්‍රහාරය පිටුදකිමින් සහ ඒකී ප්‍රහාරකයින් නීතිය හමුවට ගෙන ඒමට බලකරමින් යුනි සංවිධානයේ මාධ්‍ය, සහ විනෝදාස්වාදී සේවක අංශය කථානායක වරයාට බලකර සිටියේය. ඒ සඳහා මූලිකත්වය ගත් Media Pro-tech සංවිධානයට අපගේ ප්‍රණාමය හිමිවේ.

ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ හත්වන සාංවත්සරික උත්සවයට සහ MEDIA Pro-Tech සංවිධානයේ ප්‍රථම මහා සභාවට යුනි ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය ලේකම් රාජේන්ද්‍ර අචාර්යා සහෝදරයා ඇතුළු සිංගප්පුරූවේ කලාපීය කාර්යාලයේ සුභ පැතුම් පිරිනමන්නෙමු. ඔබ සියළු දෙනාටම සාමූහිකව වඩා ප්‍රතිපලදායි තීන්දුතීරණ ගැනීමට සියළු ධෛර්ය සහ වාසනාවන් රැස්වීම්වලට ලැබේවා යැයි සහෝදරාත්මකව පලකරසිටිමු.                                                       

jayasri priyalal 3

| ජයශ්‍රී ප්‍රියලාල්

කලාපීය අධ්‍යක්ෂක, මූල්‍ය සහ වෘත්තීමය කලමනාකරුවන්ගේ සේවා අංශය

යුනි ආසියා ශාන්තිකර කලාපීය සංවිධානය, සිංගප්පූරුව.