“ඩෙංගු අධි වසංගතයක” පෙර මග සලකුණු ඇතිවෙයි

 “ඩෙංගු අධි වසංගතයක” පෙර මග සලකුණු ඇතිවෙයි

ඩෙංගු පාලනයට මේ මොහොතේ සෑම පාර්ශවයක්ම දැඩි කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

ශ්‍රි ලංකාවේ වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ පාලනය  කිරීමේ ක්‍රියාමාර්ග පිලිබඳ විද්වත් සාකච්ඡාවක් අද රාත්‍රියේදී පැවැත්වින. එහිදී අදහස් දැක්වූ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය  විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ 2023 වසරේ පමණක් (28/05) දින වන විට ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38000 ක් ඉක්මවා (තිස් අට දහසක්) වාර්තාවී ඇති බවයි. මේ වන විට ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් තිබේ.

වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් මෝසම් වැසි කාල සීමාවල මාසයක් තුල වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 450 -500 අතර වෙයි . එහෙත් මේ වසරේ සමාන  කාල සීමා වල මාසයකට රෝගීන් 1000 – 1500 ක් පමණ වාර්තාවීම වසර 2017 වැනි ඩෙංගු අධි වසංගතයකට රට ගමන් කිරීමේ  පෙර මග සලකුණු බවද වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය අනතුරු අඟවයි. එබඳු තත්වයක් ඇතිවීම වැලැක්වීමේ වගකීම සමාජයේ අප සැම සතුය.

ඊලග මෝසම් කාලයට රට මුහුණ දෙන්නේ ඩෙංගු රෝගීන් 38000 ක් සහිත රටක් ලෙසයි. එය ඉතාම බරපතල තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය අනෝජා මහත්මිය පෙන්වා දෙයි. ශ්‍රි ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මෙම සාකච්ජාව සංවිධාන කලේය.