කම්කරු නායක ගුණසේන මහානාම දිවි සැරිය නිමකරයි.

කම්කරු නායක ගුණසේන මහානාම දිවි සැරිය නිමකරයි.

රජයේ ලිපිකරු සේවා සංගමයට නායකත්වය දුන් ගුණසේන මහානාම සහෝදරයා තම දිවිසැරිය අවසන් කර ඇත.

1980 මහා වැඩවර්ජනය, ඉල්ලීම් 11 ව්‍යාපාරය ආදී ලාංකීය කම්කරු පන්ති ඉතිහාසයේ නොමැකෙන අරගලයන්ට මෙන්ම සියලු කම්කරු අරගලයන්ට සක්‍රියව දායක වෙමින් කටයුතු කළ වෘත්තීය සමිති නායකයෙකි.

එසේම රජයේ ලිපිකරු සේවා සංගම් ශාලාව සියලු කම්කරු සටන් සගයන්ට මධ්‍යස්ථානයක් බවට පත්කරමින් කටයුතු කළ වෘත්තීය සමිති නායකයෙකි.

88/89 කාල වකවානුව තුළ දකුණේ සන්නද්ධ ජාතිවාදී තරුණ අරගලයේදී වාමාංශික අදහස් දැරූ වෘත්තීය සමිති හා නායකයින් ඝාතනය කරමින් සිටි අවධියේ රජයේ ලිපිකරු සේවා සංගමය  වෘත්තීය සමිති නායකයින්ට හා  වාමාංශිකයින්ගේ ජීවිතයට බේරා ගැනීමට ආරක්ෂක නිවහනක් ලෙස කටයුතු කිරීමට සැලසුවේ මහනාම සහෝදයා විසිනි.

තම දිගු දිවි සැරිය නිමාකොට නික්ම යන ගුණසේන මහානාම සහෝදරයාට වැඩබිම ආචාරය  !

(දේහය පිළියන්දල බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර 2023.06.05 දින සවස 2.00 ට තුම්බෝවිල සුසාන භූමියේදී සිදු කෙරේ.)