කෝටි 4ක් වැය කරපු ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය ඉවත දාලා

කෝටි 4ක් වැය කරපු ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය ඉවත දාලා

සම්බන්ධීකරන කැතීටර අවශ්‍ය වුණාම, ඒ යන්ත්‍රයෙන් වැඩක් නැහැලු. කෝටි 4ක් වියදම් කලාට පස්සේ තමයි ඒක මතක් වෙලා තියෙන්නේ.  එහෙමනං ඒ යන්ත්‍රය අවශ්‍යයි කියපු නිළධාරීන්ගෙන් ගිය වියදම නැවත අය කර ගන්න.

කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් දහයක පමණ CT Scan යන්ත්‍ර ක්‍රියා විරහිතයි.

රසායනාගාර ගණනාවක හොඳින් වැඩ කරන, කෝටි ගණනක ජීවරාසායන, රක්තවේද සම්පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ප්‍රයෝජනයට ඉවත් කරලා තියනවා.

රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දන්නේ නෑ කොච්චර උපකරණ වැඩ කරනවද, වැඩ කරන තත්ත්වයේ ඉවත දාපුවා තියනවාද කියලා. ඒවා හොයන්න කෙනෙකුත් නෑ.

සෞඛ්‍ය සේවාවට උපකරණ මිලදී ගැනීම මාෆියාවක්. මිලදී ගන්න විතරයි ඇතැම් නිළධාරීන්ට සහ විශේෂඥයින්ට ඕනෑ. ඒවා ක්‍රීයාත්මක කරලා රෝගී සේවාවන් ගෙනියන්න වුවමනාවක් නැහැ. මොකද කොමිෂන් ලැබෙන්නේ ගන්නකොට විතරයි. ඒ නිසා ආයේ අයේ උපකරණ ගන්නවා නඩත්තු කරන්නේ නෑ.

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය