වෛද්‍ය සැපයීම් අංශයේ තොරතුරු පද්ධතියට වැය කළ ජනතා මුදල් විනාශයක - රවි කුමුදේස්

වෛද්‍ය සැපයීම් අංශයේ තොරතුරු පද්ධතියට වැය කළ ජනතා මුදල් විනාශයක - රවි කුමුදේස්

වෛද්‍ය සැපයීම් අංශයට මිලියන ගණනක් වැය කර ස්ථාපිත කල තොරතුරු පද්ධතිය ඉවත් කර, මිලියන සියයකට වැඩි නව තොරතුරු පද්ධතියක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති, රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී අනාවරණය කරන ලදි.

එහි වැඩිදුරටත් අදහස් දක්වමින් තොරතුරු පද්ධතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාශය වැය කර ඇති බිලියන ගණනක මුදල්, නිවැරදි තාක්ෂණය නොමැතිකම හේතුවෙන් නාස්තියට ලක් වී ඇති අතර, පසුගිය වසර පහ තුල සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාපිත කර ඇති තොරතුරු පද්ධති කිසිවක් මේ වන අක්‍රීය පවතිනවා.

රෝහල් තොරතුරු පද්ධති සඳහා බිලියන ගණන් වැය කර, ස්ථාපත කර ඇති යටිතල පහසුකම්, උපකරණ හා උපාංග විනාශ වෙමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතු පද්ධති සඳහා ක්‍රියාත්මක කල ව්‍යාපෘතිවල පලදායි බව සහ ඒවා ක්‍රියාත්මක නොවී මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව වහා විගණනයක් කරන ලෙස ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.