ප්‍රජා වෛද්‍ය විශේෂඥ, කපිල ජයරත්න මහතාට ජාත්‍යන්තර සම්ම්මානයක්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ, කපිල ජයරත්න මහතාට ජාත්‍යන්තර සම්ම්මානයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, කපිල ජයරත්න මහතාට ජාත්‍යන්තර සම්ම්මානයක් හිමිවෙයි. මහා බ්‍රිතන්‍යයේ රාජකීය ප්‍රසව වේද හා නාරිවේද සංගමය විසින් මෙම සුවිශේෂී ගෞරව සම්මානය (29) දින ලන්ඩන් නුවරදී පිරිනමන ලදි. කාන්තා සෞඛ්‍යය නැංවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කපිල ජයරත්න මහතා දක්වන ලද උපරිම කැපවීම හා එමගින් ලඟා කරගත් විශිෂ්ටතා අගැයීමට ලක් කරමින් මහා බ්‍රිතාන්‍ය විසින් මෙම ගෞරව සම්මානය පිරිනමා තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් සිසුවකු වන කපිල ජයරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන්, වෛද්‍ය උපාධිය හා පශ්චාත් උපාධිය ලබා ගත්තේය. පසුව ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් සරසවියෙන්ද පශ්චාත් උපාධියක් ලබා ගත්තේය. වසර 2009 සිට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් ජාතික කළමනාකරුවකු ලෙස,මාතෘ පරාජන්ම හා ළමා මරණ විමර්ශනය කර, ඒ මගින් හඳුනාගන්නා තොරතුරු අනුව, එම මරණ වැලැක්වීමටත්, මාතෘ හා ළමා සත්කාරක සේවා වැඩිදියුණු කිරීමටත් කටයුතු කලේය. ශ්‍රී ලංකාවේ මාතෘ මරණ විමර්ශන ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් පරමාදර්ශී ක්‍රියාවලියක් බවට පත් කිරීමට ඒ මහතා මැදිහත් වූ අතර වෙනත් රටවල සෞඛ්‍ය කණ්ඩායම්ද එම ක්‍රමවේදය අධ්‍යයනය සඳහා උත්සුක විය.වෛද්‍ය ජයරත්න මහතා ජාත්‍යන්තර මට්ටමේ දේශකයෙකු හා සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කරමින් ඉහල පිළිගැනීමක් ලබා තිබේ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශනවලට තාක්ෂණික දායකත්වය ලබා දෙමින් එම සංවිධානයේ තාක්ෂණික කමිටු සාමාජිකත්වයද ලබා සිටින ජාත්‍යන්තර පිලිගැනීමකට ලක්වූ සෞඛ්‍ය විශේෂඥයෙකි. කපිල

මේ අතර මෙම ගෞරව සම්මානය ජයරත්න මහතාට පමණක් නොව  ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් වලටද ජාත්‍යන්තරව ලැබුණු අගැයීමක් ලෙසද සැලකිය හැකි බව  ඔහුට සුබ පතමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය  කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කලාය.