වර්ජනය තාවකාළිකව අවසන්

වර්ජනය තාවකාළිකව අවසන්

වර්ජනය හෙට උදෑසන 8ට අවසන් බවත් සාකච්චාව සාර්ථක වුවද, ලේකම්වරයාගේ එකඟතා ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සාර්ථකද යන්න ගැටළුවක් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේචදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8:00 අටට අවසන් වේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්වේදීන්, භෞත චිකිත්සක සහ වෘත්තිකයන් වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් ඒකාබද්ධව සිදු කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන අටට අවසාන කිරීමට තීරණය කර තිබේ.

වර්ජනය පිළිබඳව අද උදෑසන සෞඛ්‍ය ලේකම් වරයා සමග පැවති සාකච්ඡාවේදී ඉල්ලීම් පිළිබඳව ධනාත්මක එකඟතාවයන් ඇති කර ගැනීමට සමත් වුවද, සෞඛ්‍ය ලේකම්වරයාගේ එකඟතාවයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන්ට විශාල ගැටළුවක් සහ අවදානමක් තිබෙන බව වෘත්තීය සමිති නායකයන් පවසයි. විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා ඇමතිවරයා එකඟ වූ කාරණා පවා ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විකෘති කරන තත්ත්වයක් ඇතිවී තිබීම පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් අතිරේක ලේකම්වරුන් උවමනාවෙන්ම පරිපූරක වෛද්‍ය සේවාවේ ඉල්ලීම් විකෘති කිරීමටත්, කුමණ්ත්‍රණකාරී කමිටු වාර්ථා ආයතන අධ්‍යක්ෂකවරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට රහසිගතව යොමු කර ඇති බවත්, එම ආයතනද සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශවලට වඩා කුමන්ත්‍රණකාරී කමිටු වල නිර්දේශයන් පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ගැටලුවේ ප්‍රධාන කරුණක් බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එසේම සෞඛ්‍ය වෘත්තීය සමිති මර්දනය කිරීමට තමන් කිසි ලෙසකත් කටයුතු නොකරන බවත්, මර්දනය සඳහා විමර්ශන සිදු නොකරන බවත්, සෞඛ්‍ය ලේකම්වරයා දිගින් දිගටම එකඟතාවයන් පළ කර ද, සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවට අත්සන් තබමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටලීම් අංශය දිගින් දිගටම උසිගන්වන ගන්වන ලද බල්ලන් සේ වෘත්තිය සමිති පසුපස පැන්වීම සෞඛ්‍ය සේවාවේ බරපතළ අර්බුදයක් ගොඩනැගීමට හේතු වී ඇති බව ද පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් මෙම කාරණා සමගම පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සේවාවට බඳවා ගැනීම අත්හිටුවීම හේතුවෙන් සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද, පරිපූරක වෛද්‍ය සේවාවට අදාල  ඇතුළු ඉල්ලු ඉල්ලීම් හත පිළිබඳව අද දිනයේ දී ලේකම්වරයාගේ එකඟතාවයක් ඉදිරි දින කිහිපය තුළ ඉටු නොවුණ හොත් නැවත වර්ජනයක් ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. විශේෂයෙන්ම වෘත්තිය සමිති මර්දනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිය ලේකම්වරයාගේ ප්‍රතිපත්තිය ද එහෙම නැත්නම් කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රතිපත්තිය ද යන්න පැහැදිලි විය යුතු බවත් වෘත්තිය සමිති අවධාරණය කර සිටී.

කෙසේ නමුත් අද දිනයේ ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන අටට අවසාන කිරීමට තම බල මණ්ඩලය තීරණය කර ඇති බවද, දන්වා සිටී.