විභාග ඇගයීම් කළ ගුරුවරුන්ට දින දෙකක් නිවාඩු දෙයි

විභාග ඇගයීම් කළ ගුරුවරුන්ට දින දෙකක් නිවාඩු දෙයි

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු ලබාදීම 2023. 08. 18 දින සිට 2023. 08. 27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා 2023. 08. 28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතු වලට සහභාගි වූ බවට, තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.