ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැටුප් ගැන සුබ ආරංචියක්!

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැටුප් ගැන සුබ ආරංචියක්!

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා රුපියල් බිලියන 42 කට ආසන්න මුදලක් රජය ඇස්තමේන්තු කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ නියෝජිතයින් මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවයි.

වසර 25 කට වැඩි කාලයක් පැවති ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස හිඟ වැටුප්වලින් තුනෙන් එකක කොටසක් ලබාදීමට පසුගිය වසරේදී රජය කටයුතු කළා.

එහි ඉතිරි තුනෙන් දෙකක හිඟ වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගියදා මෙලෙස හමුවී තිබේ.