රතු කුරුස වෛද්‍ය සායනයක් මාතර කොටපොල වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී

රතු කුරුස වෛද්‍ය සායනයක් මාතර කොටපොල වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සෞඛ්‍ය සායනයේදී දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ සියලු රෝග පිළිබඳ පරීක්ෂාව ද අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ, ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම ද වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීමද නොමිලේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.