2021/01/08 වෙන දින අතුරු වෛද්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් පුහුණුවට බදවා ගැනීම සඳහා අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ අතර සම්මුඛ පරීක්ෂණයෙන් තේරීපත් වූ ශිෂ්‍යාවන්ගේ ලැයිස්තුව 2021/04/28 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ පළ කරන ලදී.
එම සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වූ පත්වූ ශිෂ්‍යයාවන්ගේ නාම ලේඛනය 2021/12/22 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. 2022/02/09 දින සිට 2022/02/20 වන විට හෙද විදුහල් තෝරා ගැනීමේ පෝරමය පුරවා අවසන් කරන ලදී. එහිදී හෙද විදුහල් තෝරාගැනීමේ පෝරමයේ පිරවීමට නොහැකි වූ සිසුවියන් දෙවන කණ්ඩායම සඳහා බඳවා ගන්නා බව සදහන් කර තිබුණි.
නමුත් හෙද විදුහල් තෝරා ගැනීමේ පොරමය පිරවීමට නොහැකි වූ සිසුවියන්ට නැවත වතාවක් එම පෝරමය පිරවීමට අවස්ථාව ලබාදෙන බව 2022/04/21 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දුරකථන මගින් එම සිසුවියන්ට දැනුම් දී ඇත. මේ නිසා හෙද විදුහල් තෝරාගැනීමේ පෝරමය නිසි ලෙස පිරවූ සිසුවියන්ට සහ නිසි ලෙස පොරමය පිරවුවත් තාක්ෂණික ගැටලු නිසා එය නිසි ආකාරයෙන් තහවුරු නොවූ සිසුවියන්ට අසාධාරණයක් සිදු වේ.
පෝරමය පිරවීමේදී ගැටලු ඇති වූ සිසුවියන් සඳහා ළඟම හෝ ඉඩ පහසුකම් ඇති හෙද විදුහල් වෙත අනුයුක්ත කොට කඩිනමින් බඳවාගැනීම් කරන මෙන් ඉල්ලා සිටිමු.
උගත් බුද්ධිමත් නිලධාරීන් වන ඔබතුමන්ලා අපගේ මෙම ප්‍රශ්නය දෙස පුළුල්ව විමසා බලා අප හට අපක්ෂපාතී සාධාරණ විසදුමක් ලබා දෙන්නට කටයුතු කරන මෙන් ඔබතුමන්ලාගෙන් ඉතා කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සඳහා තේරී පත් වූ ශිෂ්‍යයාවන්
