අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි පුහුණුව සඳහා බඳවා ගැනීම්වල සිදුවන ප්‍රමාදයි

අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි පුහුණුව සඳහා බඳවා ගැනීම්වල සිදුවන ප්‍රමාදයි

2021/01/08 වෙන දින අතුරු වෛද්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් පුහුණුවට බදවා ගැනීම සඳහා අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ අතර සම්මුඛ පරීක්ෂණයෙන් තේරීපත් වූ ශිෂ්‍යාවන්ගේ ලැයිස්තුව 2021/04/28 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ පළ කරන ලදී.

එම සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වූ පත්වූ ශිෂ්‍යයාවන්ගේ නාම ලේඛනය 2021/12/22 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. 2022/02/09 දින සිට 2022/02/20  වන විට හෙද විදුහල් තෝරා ගැනීමේ පෝරමය පුරවා අවසන් කරන ලදී.  එහිදී හෙද විදුහල් තෝරාගැනීමේ පෝරමයේ පිරවීමට නොහැකි වූ සිසුවියන් දෙවන කණ්ඩායම සඳහා බඳවා ගන්නා බව සදහන් කර තිබුණි.

නමුත් හෙද විදුහල් තෝරා ගැනීමේ පොරමය  පිරවීමට නොහැකි වූ සිසුවියන්ට නැවත වතාවක් එම පෝරමය පිරවීමට අවස්ථාව ලබාදෙන බව 2022/04/21 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දුරකථන මගින් එම සිසුවියන්ට දැනුම් දී ඇත. මේ නිසා හෙද විදුහල් තෝරාගැනීමේ පෝරමය නිසි ලෙස පිරවූ සිසුවියන්ට සහ නිසි ලෙස පොරමය  පිරවුවත් තාක්ෂණික ගැටලු නිසා ‍එය නිසි ආකාරයෙන් තහවුරු නොවූ සිසුවියන්ට අසාධාරණයක් සිදු වේ. 

පෝරමය පිරවීමේදී ගැටලු ඇති වූ සිසුවියන් සඳහා ළඟම හෝ ඉඩ පහසුකම් ඇති හෙද විදුහල් වෙත අනුයුක්ත කොට කඩිනමින් බඳවාගැනීම් කරන මෙන් ඉල්ලා සිටිමු.

  • එමෙන්ම අප පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී පුහුණු පාඨමාලාවට බඳවා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් පහත ගැටළු වලට මුහුණ දී සිටී.
  • අප 2015/2016/2017 අධ්‍යන වර්ෂයන්හි උසස් පෙළ විභාගය හැදෑරූ සිසුවියන් වන අතර පුහුණුවට බඳවා ගැනීමේ ගැනීමෙන් පසු පුහුණුව අවසන් වන තෙක් (වසර 1 1/2) අවිවාහක ව සිටිය යුතු නිසා පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම ප්‍රමාද වීමෙන් අප මානුෂීය වශයෙන් අපහසුතාවයට පත් වී ඇත.
  • පාඨමාලාව සදහා සිසුවියන්    2800 ක් තෝරාගෙන සිටින අතර පළමු වටය සඳහා සිසුවියන් 1000 ක ප්‍රමාණයක් ගන්නා බවට දැනුම් දී තිබේ. පළමු කණ්ඩායමද තවමත් බඳවාගැනීම් සිදුකර නොමැති බැවින් දෙවන කණ්ඩායමේ සිසුවියන් දැඩි අපහසුතාවයට පත් වී තිබේ.
  • හෙද විදුහල් තෝරා ගැනීමේ පෝරමය පිරවීමෙන් පසු හැකි ඉක්මනින් අපව පුහුණුවට බඳවා ගන්නා බවට දැනුම් දීම හේතුවෙන් ඇතැම් සිසුවියන් නිරතවී සිටි රැකියාවලින් හා හදාරමින් සිටි පාඨමාලා වලින් ඉවත් වී ඇති අතර එම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇත.
  • මධ්‍යම පාන්තික පවුල්වල දරුවන් වන අප නිරත වූ රැකියා වලින් ඉවත් වීම නිසා වර්තමානයේ පවතින ආර්ථික තත්වයන් හමුවේ දැඩි ලෙස අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටි මේ නිසා අපගේ අනාගත සුබ සිහින පවා බොඳ වී ඇත.

උගත් බුද්ධිමත් නිලධාරීන් වන ඔබතුමන්ලා අපගේ මෙම ප්‍රශ්නය දෙස පුළුල්ව විමසා බලා අප හට අපක්ෂපාතී සාධාරණ විසදුමක් ලබා දෙන්නට කටයුතු කරන මෙන් ඔබතුමන්ලාගෙන් ඉතා කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සඳහා තේරී පත් වූ ශිෂ්‍යයාවන්