දුම්රිය ප්‍රතිව්‍යූගත කිරීමේ කමිටුව පත්කරයි

දුම්රිය ප්‍රතිව්‍යූගත කිරීමේ කමිටුව පත්කරයි

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ලබාගැනීමට ජනාධිපති ලේකම්තුමා විසින් කමිටුවක් පත්කර ඇත. ඒ අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්තුමාට පැවරූ නියෝගය මතය.

මේ සඳහා වාරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී වරු දෙදෙනෙක් හා  හිටපු සංඥා උප දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු ඇතුළු සාමාජිකයින් 14දෙනෙකු ඇතුලත්ව මෙම කමිටුව පත් කර ඇත.

පලමු කමිටු රැස්වීම සැපතැම්බර් 6 වන දින රැස්විමට නියමිත බව වාර්තා වේ.