සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයට පනවා තිබූ වාරණය නිශ්ප්‍රභා කරයි

සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයට පනවා තිබූ වාරණය නිශ්ප්‍රභා කරයි

සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ 37 වෙනි නියෝජිත මහා සම්මේලනය පැවැත්වීමේ මූලික අරමුණින් ඒ සඳහා 2023.05.26 දින සභාපති වන විසින් කැඳවන ලද මහාමණ්ඩල රැස්වීමට එරෙහිව, සංගමයේ බලය බලහත්කාරයෙන් ලබා ගැනීමට කොළඹ දිසා අධිකරණයේ පනවා තිබු වාරණ නියෝගය ගරු අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් තීන්දුවක් ලබාදුන් බව එම සංගමයේ සභාපති උදේනි දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මෙම තීන්දුවත් සමගම සංගමයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මහා මණ්ඩල රැස්වීමක් නැවත කැදවීමට තීරණයකර ඇති අතර ඉදිරියේදී නියෝජිත මහා සම්මේලනයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා සියළු සාමාජිකයින්ගේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.