වර්ජනයේ නිරත බැවින් දුම්රිය සේවා අත්‍යාවශ්‍ය කිරීම ප්‍රායෝගික නොවෙයි

වර්ජනයේ නිරත බැවින් දුම්රිය සේවා අත්‍යාවශ්‍ය කිරීම ප්‍රායෝගික නොවෙයි

දුම්රිය සේවය අත්‍යඅවශ්‍ය සේවාවක් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ ඉල්ලා ඇති බව සදහාන් කර ඇතත් මේ වන විටත් සංගමය වර්ජනයේ නිරත වන බැවින් මෙම වර්ජනයට අදාල පාර්ශවයන් සදහා අත්‍ය අවශ්‍ය සේවා නිවේදනයක් නිකුත් කිරීම ප්‍රතිපලයක් නොවන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසා සිටී.

මෙම අර්බුදය විසඳිමට ජනාධිපති තුමා එවැනි ක්‍රියා මාර්ගයකට අවතීරණය  වනු ඇතැයි බලාපොරොත්තු නොවන අතර එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට මෙම ගැටළුව විසදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ජනාධිපතිතුමා අවධානය යොමු කරන්නෙ නම් මෙම ගැටළුව විසදිය හැකි බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටී.