අක්ෂි කාච ගැන අමාත්‍යාංශය පඹගාලක - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි

අක්ෂි කාච ගැන අමාත්‍යාංශය පඹගාලක - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි

මේවට රටක් තුළ මාස හයකට පමණක් අක්ෂි කාච පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගිය සතියේ අනාවරණය කරන ලදී.

එහෙත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ද රට තුළ අක්ෂිකාච පවතින්නේ තවත් මාසයකට පමණක් බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතියට අනුව මේ වන විට රට තුළ කිසිදු අක්ෂි කාචයක් නොමැත.

ප්‍රශ්න සහගතය අක්ෂිකාච ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට කැඳවා තිබූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහතා මේ කරුණු පෙන්වා දෙමින් ප්‍රකාශ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයට එකම මතයක් ප්‍රකාශ කළ නොහැකි තරමටම විශාල පඹගාලක පැටලී ඇති බවයි.

එවන් තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට මහජන ජීවිතවලට වගකියන්නේ කෙසේ දැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

අති විශාල මුදලක් වියදම් කොට සකස් කළ සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් එය මහජන දේපල හා මුදල් අවභාවිතාවක් බව පෙන්වා දුන් ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්ව පද්ධතිය තත්ත්වය පවතින්නේ නම් ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව ද එම දත්ත පද්ධතිය යෝජනා ක්‍රම නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර පරිපාලනය සහ කළමනාකරණය අවුල් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත යුතු බවත් හැකි ඉක්මනින්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍ය මැදිහත් විය යුතු බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ලෝකයේ දියුණු රටවල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් යටතේ ආසියාවේ ඇතැම් රටවල් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිහි කිරීම නිසා එම රටවල සාමාන්‍ය ජනතාවට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර වල ගුණාත්මක භාවය අඩු වී ඇති බවට වාර්තා වන බවයි.

මේ නිසා රජයේ ඍජු අධීක්ෂණය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම සහ නියාමනයක් සිදු විය යුතු බවත් එසේ නොවන්නේ නම් මෙරට වෛද්‍යවරුන්ට පවතින ජාත්‍යන්තර පිළිගැනීම අඩු විය හැකි බවද වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී සඳහන් කළේය.