GMOA/PSC/2023/0014
2023/09/04
සභාපති,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
1200/9, රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා - II වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හරහා මතුව ඇති අර්බුදකාරි වාතාවරණය පිළිබද පැමිණිලි කිරීම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා - II වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හරහා මතුව ඇති අර්බුදකාරි වාතාවරණය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස සෞඛ්‍ය බලධාරින් වෙත දිගින් දිගටම පැමිණිලි කරන ලදී (අදාල පැමිණිලි සියල්ල ඇමුණුම් ලෙස මේ සමග ඉදිරිපත් කරමි).
අප වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණු හා ඉන් ඔබ්බට සාක්ෂි හා සාධක සහිතව තහවුරු කරගත් ඊට අදාල පහත කරුණු සාරාංශ ගතව පහතින් දක්වමු.
ඒ අනුව අප විසින් ඉහතින් පෙන්වා දී ඇති බරපතල කරුණු මෙන්ම සෞඛ්‍ය බලධාරින් වෙත යොමු කල පැමිණිලි පාදක කර ගනිමින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් සුදුසු කටයුතු ආරම්භ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ විසින් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රමුඛතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා - II තනතුරට අදාල විෂය පථයන් බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සදහා බෙහෙවින් ඉවහල් විය හැකි බව වැඩිදුරටත් පෙන්වා දෙමු.
ස්තූතියි,
මීට විශ්වාසී,
වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්
පිටපත් - ලේකම්, සෞඛ්‍ය කමිටුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්
සියලුම සෞඛ්‍ය ආයතන ප්‍රධානින්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් ලේකම්වරුන්
කැදවුම්කරු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරි ස්ථාන මාරු උප කමිටුව
