2023 වසර සදහා හෙද පුහුණු පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

2023 වසර සදහා හෙද පුහුණු පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

සිසු හෙද පුහුණු පාඨමාලාවට 3500 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව  2019 හා 2020 යන වර්ෂවලින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් සිසු සිසුවියන්ගෙන් 2023.09.15 දින සිට 2023.10.18 දින දක්වා විද්‍යුත් (Online) මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩිදුර තොරතුරු 2023.09.15 දින රජයේ ගැසට් පත්‍රයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත පිවිස ලබාගත හැක.