පාසල් දරුවන්ට ඇස් ලෙඩ නම් පාසල් යවන්න එපා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටියි

පාසල් දරුවන්ට ඇස් ලෙඩ නම් පාසල් යවන්න එපා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටියි

මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි.   එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික, මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පෙන්වා දෙයි.  මෙම රෝගය නිසා  ඇස් වල වේදනාකාරී තත්ත්වය සහ ඇස් විවෘත කිරීමේ අපහසුතාවය, කඳුළු ගැනීම කබ ගැලීම සහ ආලෝකය දෙස බැලීමේ දී ඇස්වල  අපහසුතාවයන් ඇතිවීම සිදු විය හැකිය.

රෝගයේ මූලික අවස්ථාවේදී ඇස කැසීම වැනි රෝග ලක්ෂණ දක්නට ඇත විශේෂයෙන් මෙම රෝගීන්ගේ රෝගී ඇසක  ‍ශ්‍රාවයන්, නිරෝගී ඇසක  ස්පර්ශ වීම නිසා  රෝගී වීමේ හැකි හැකියාව ඇති අතර මේ හේතුව නිසා විශේෂයෙන් පාසල් දරුවන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් වේ.

 මෙම ඇස් රෝගය බෝවීම පාලනය කර ගැනීම සඳහා මුහුණ ඇල්ලීමෙන් සෑම විටම වැළකී සිටීම, ඇස් හෝ මුහුණ ඇල්ලීම් සිදු කරන්නේ නම් නිතර සබන් යොදා අත් සෝදා අත් පිරිසිදුව තබා ගැනීම සහ රෝගීන් ස්පර්ශ වීමෙන් වැළකී සිටිය යුතු බවද රෝෂන් කුමාර මහතා පවසයි. ඊට අමතරව හැකි හැම අවස්ථාවකම sanitizer යොදා අත්පිරිසිදු කරගැනීම වැදගත් ය. රෝග ලක්ෂණ පවතී නම්  වෛද්‍ය  උපදෙස් පැතීම වඩාත් සුදුසු වන අතර දේශීය අත්  බෙහෙත් හෝ වෙදකම් කිරීම් නිසා රෝගය උත්සන්න වීම සහ වෙනත් ද්විතික ආසාදන ඇති වීමේ අවදානමක් පවතී. එසේම  රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රෝගය  අධික වශයෙන් බෝවන කාලය කාලසීමාව තුළ දරුවන් පාසැල් යැවීමෙන් වැළකී සිටීම සුදුසු බව යෝජනා කෙරේ.