කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ මහ මොලකරුවන්ට රටින් පනින්න ඉඩ දෙන්න එපා - රවී කුමුදේශ්

කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ මහ මොලකරුවන්ට රටින් පනින්න ඉඩ දෙන්න එපා - රවී කුමුදේශ්

ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාල වග කිවයුතු අය රටින් පිටවීම වැලක්වීම අත්‍යවශ්‍ය පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් කියා සිටියා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හොර ඖෂධය පිළිබද අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිලි කරලා දවස් 10ක් වෙනවා. තවම අදාල සමාගම කැඳවලා නෑ. හෙට අනිද්දාට කියාවි ඔහු රටින් පිට වෙලා කියලා.

අපි දන්නේ නෑ මේ හොරකම සමාගම තනියෙන්ම කල එකක්ද කියලා. ඒ නිසා ඔහු හොරෙකුටත් වඩා අපිට සම්පතක්. ඔහු දන්න තොරතුරු නිවැරදිව හෙලිදරව් කර ගතහොත්, ඖෂධ නියමන අධිකාරිය හරහා සිදුවෙන දුෂිත තත්වයන් ගණනාවක් හෙලිදරව් කර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා අදාල සමාගමේ හිමිකරුවන්ට රටින් පිටවීමට ඉඩ ලබා නොදීම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.

මේ සමාගම 2021 සිට ඖෂධ සැපයීම් කරලා තියනවා. ඉතා ප්‍රසිද්දියේ ඖෂධ හදලා තියනවා. දැන් අධිකාරිය කියනවා ඖෂධ හදන්න අවසරන් ලබා දීලා නැතිලු. ඒ විදිහට අවසර නැති සමාගමකට ප්‍රසිද්ධියේ වසර ගණනාවක් ඖෂධ හදලා රජයටම දෙන්න පුළුවන් නම්, නියාමන අධිකාරියක ඇති වැඩේ මොකක්ද? තනතුරු නමට උඩින් නමක් නැතුව සුදුසුකම් තියන රබර් මූද්‍රාවක් සැක සහිත බව, ඖෂධ සංස්ථාවේ හෝ වෛද්‍ය සැපයීම් අංශයේ කාටවත්ම තේරුණේ නැද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ රේගුව මාර්ගගතව තහවුරු කර ගන්නේ නැතුව ඖෂධ තොගයක් මුදා හරින්නේ නෑ. ලිපියක් ගැන විතරක්ම කියන අය මාර්ගගතව දෙන ඒ අවසරය ගැන කථා නොකරන්නේ ඇයි? යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.