ඉන්දියා පදනමේ ආචාර්ය රාම් මහදේව් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දියා පදනමේ ආචාර්ය රාම් මහදේව් ශ්‍රී ලංකාවේ සංචාරයක

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දියා පදනමේ (Indian Foundation ) සභාපති ආචාර්ය රාම් මහදේව් මහතා බානගල උපතිස්ස මහ නාහිමියෝ බැහැ දකී (Dr.Ram Madhav)  ආචාර්ය මහාදේව් යනු ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙක්, සමාජ නායකයෙක්, ලේඛකයෙක් සහ චින්තකයෙකු වන ඒ මහතා භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජාතික මහලේකම්වරයා ලෙස 2014-20 කාලය තුළ කටයුතු කර ඇත.

ආගමික, සංස්කෘතික හා විවිධ ගැටුම්කාරිත්වයන් පිළිබඳ සමුළු රැසක බානගල උපතිස්ස නා හිමියන් හා කටයුතු කළ ආචාර්ය  මහාදේව් පසුගියදා (20) දින සපුගස්කන්ද අබේසේකරාරාමයට පැමිණ බානගල උපතිස්ස නාහිමියන් හමු වී එහි ස්ථාපිත යොෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන් සමග සුහද හමුවකට ද එක්විය.මෙහි දී බානගල නා හිමියන්ගේ චරිතය අළලා ඉංදීයවේ ශකීල් සිද්දිකි මහතා රචිත "අංජලිකරණීයෝ" ග්‍රන්ථයේ පිටපතක් සමරු තිළිණයක් ලෙස උන්වහන්සේ රාම් මහදේව් මහතාට පිරිනමනු ලැබූහ.