හොර ලියුමක් පෙන්නලා යට ගහන්න හැදුවාට,  හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව බොහෝ අයගේ සහයෝගය සහිත ජාවාරමක්

හොර ලියුමක් පෙන්නලා යට ගහන්න හැදුවාට,  හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව බොහෝ අයගේ සහයෝගය සහිත ජාවාරමක්
  • සමාගම විසින් මේවා ලංකාවේ හදන බව නිල වශයෙන් සඳහන් කර තිබියදීම,  තාක්ෂණික ඇගයිම් කමිටුවට ඒවා හොරට හදන්න අවසර දීලා
  • වයල් 7500කට ටෙන්ඩරය කැඳවලා, ඖෂධ සැපයීම් අංශය වයල් 22500කට ඇණවුමක් දීලා

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වෑල්ව් 7500ක් මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අංක MOH/EOI/Group01/Tem No 174  ටෙන්ඩරය සඳහා Isolaz Biotech Pharma සමාගම මිල ඉදිරිපත් කරන ලද ලිපි ගොණුවෙහි, අදාල ඖෂධය තම සමාගම මගින් නිශ්පාදනය කරන බව (Product Formulating and Contract Manufacturing) ඉතා පැහැදිළිව සඳහන්ව තිබියදී තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් එම සමාගම අදාල සැපයුම් සඳහා එම සමාගම තෝරා ගැනීම මගින්, ප්‍රසම්පාදන නීතිය අමු අමුවේ අවභාවිතා කොට ඇත. ඒ අනුව  දේශීය වශයෙන් ඖෂධ  නිශ්පාදනය කිරීමට කිසිදු අනුමැතියක් නොමැති සමාගමක්, මෙවැනි ලංසුවකට ඉදිරිපත් වීම, කිසිසේත් සලකා බැලිය නොහැකි, තාක්ෂණික වශයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි (Non Responsive) ඉදිරිපත් කිරීමක් ලෙස එකහෙලා බැහැර කල යුතුව තිබියදී, තාක්ෂණික ඇගයිම් කමිටුව එම සමාගම තෝරා ගැනීම, සාමාන්‍ය තත්වයට එහා ගිය ජාවාරමකි.

තවද, මෙම ටෙන්ඩරය කැඳවා ඇත්තේ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වෑල්ව් 7500කට වුවද, වෛද්‍ය සැපයුම් අංශය වෑල්ව් 22500/- සඳහා මිලදී ගැනීමේ නියෝගයක් (Purchase Order) ලබා දී තිබීමද, සමාන්‍ය ප්‍රසම්පාදන නීතියට පටහැනි තීන්දුවකි.

එබැවින් මෙම කුප්‍රකට වංචාද සමාගමක් විසින් තනිව සිදු කරන ලද්දක් ලෙස බැහැර කල නොහැකි අතර, මෙහි සුලමුල සොයා ගැනී මගින් සෞඛ්‍ය සේවාවේ තාක්ෂණික ක්‍රමවේද හරහා නිත්‍යාණුකූල වංචා කරමින් සිටින ආකාරය තේරුම් ගැනීමට ඉතා වැදගත් වේ.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවාව තුල මතු වී ඇති මෙම බරපතල අර්බුධකාරී තත්වය වෙනස් කිරීමේ අවසන් වගකීම ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බව අප අවධාරණය කරන අතර, මෙම අර්බුධය පක්ෂ දේශපාළණ වුමනාවක් ලෙස කියවා ගැනීම හරහා සෞඛ්‍ය සේවාව යලි ගොඩනැගිය නොහැකි අසීරු තත්වයකට පත්වීම නොවැලැක්විය හැකි බව අප අනතුරු හඟවමු. 

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය