දූෂිත නිලධාරීන්ට තදින් දඬුවම් දෙන පාලනයක් බිහිවනතුරු ඇමති මාරු කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත

දූෂිත නිලධාරීන්ට තදින් දඬුවම් දෙන පාලනයක් බිහිවනතුරු ඇමති මාරු කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත

පසුගිය වසර තුනක කාල සීමා මුළුල්ලේ මෙරට සෞඛ්‍ය පද්ධතිය ඉතිහාසයේ නොවූ විරූ තරම් දරුණු පරිහානියකට පත් වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පරිපාලකයන් ගේ දුර්වලතා සහ දුෂිත ගනුදෙනු නිසා බව සාක්ෂි සහිතව සනාථ වී තිබියදී අමාත්‍යවරයා ඉවත් කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් එම දුෂිත ගණුදෙනුවට සම්බන්ද සියලු නිලධාරීන් නීතිය හමුවට පැමිණවීමට රජය නොපමාව කටයුතු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වගේ චමල් සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

covid එන්නත් වංචා, covid පරීක්ෂණ කට්ටල වංචා හා ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතියේ වංචා ද අක්ෂි කාච ගනුදෙනුව ප්‍රතිදේහ වංචාව ප්‍රතිජීවක වංචාව ඉන්සුලින් වංචාව ඇතුළුප පසුගිය වර්ෂ තුනක කාල සීමා මුළුල්ලේ විවිධ සෞඛ්‍ය අමාත්‍යවරුන් යටතේ අඛණ්ඩවම දූෂණ සහ වංචා සිදු වන තත්වයක් යටතේ අමාත්‍යවරයා ඉවත් කිරීම හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීමක් පමණක් වන බවත් ජනතාව මේ මොහොතේ වැරදි කරන දේශපාලකයින්ට සහ නිලධාරීන්ට ඉතා තදින් දඬුවම් දෙන ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා ශක්තිමත් ව සංවිධානය විය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අතිරේක ලේකම්වරුන් ද රාජ්‍ය ඖෂධ සංස්ථාව සභාපතිවරුන්ද ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ද ශ්‍රී ලංකාවට ආධාර කරන ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු තවත් ආයතන ගණනාවකම සහගත ගනුදෙනු සාක්ෂි සහිතව අනාවරණය වී පවතිද්දී ඒවා සම්බන්ධව විමර්ශන පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යත් ජනාධිපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කඩිනමින් කටයුතු කළ යුතු බවත් ඒවායේ සිදුවන ප්‍රමාදය එවන් යුක්තිය ඉටුකිරීම ප්‍රමාදී ප්‍රතිඵලයක් ලෙස මෙරට මහජනතාවට විශාල අසාධාරණකම් ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවය පමණක් සිදු වී ඇති දූෂණ වංචාවල ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන ණය ප්‍රමාණයට වඩා වැඩි බව එම ගනුදෙනුවට සම්බන්ධ නිලධාරීන්ගේ නම් ගම් හා ලිපි ලේඛන සම්බන්ධව ඉතා ඉක්මනින් පරීක්ෂණ පවත්වා ඔවුනට දඬුවම් පැමිණවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනතාව ආණ්ඩුවට එරෙහිව තීරණයක් ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉවත් කොට රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසීමකට ඔහු එසේ ප්‍රකාශ කළ අතර නව අමාත්‍යවරයාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂ්ට නිලධාරීන් සමග කටයුතු කරන්නේ නම් ඔහුට ධුරය දැරිය හැකි කාලය ද සිවිල් මහජනතාව විසින් ඉතා ඉක්මනින් තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.