ගුරු විදුහල්පති විරෝධයට බැටන්, ජල හා කඳුළු ගෑස්

ගුරු විදුහල්පති විරෝධයට බැටන්, ජල හා කඳුළු ගෑස්

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුත්ව විසින් (24) දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ සාමාකාමි විරෝධතා පාගමනට කැරළි මර්ධන පොලීස්ය මගින් පාගමන ආරම්භයේදීම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කරන ලදි.

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙම උද්ඝෝෂණය ආරම්භ කරන ලද අතර, මෙම සාමකාමි පාගමනට පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදීමට කටයුතු කළ බව ගුරු සංගම් නායකයෝ කිහිපදෙනකු පැවසීය.

කෙසේ නමුත් එම විරෝධතා පාගමන සියලු බාධක මැද්දේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට විත රැස්වීමක් පවත්වන ලදි.