වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයෝ අද කෑම පැයේ උද්ඝෝෂණයේ

වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයෝ අද කෑම පැයේ උද්ඝෝෂණයේ

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් අද (30) දින දහවල් තම ආයතන ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණ මාළාවක් ආරම්භ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස රු. 20,000/= දීමනවාක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරන බව එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

ඉහළ යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත්විය නොහැකි තැනටම අද වන විට අපේ රටේ වැඩ කරන ජනතාව පත්ව ඇත. උදාහරණයක් ලෙස 2016 අවසන් වරට රාජ්‍ය

සේවකයින් වැටුප් වැඩි වීමක් සිදු කරන ලදි. 2023 වනවිට ඒ සඳහා වසර 07 ක් ඉකුත් වී ඇත.

මෙම වසර 07 ඇතුළත සෑම භාණ්ඩයකම හා සේවාවක මිල 300% - 400% ගුණයකින් ඉහළ ගොස් ඇත. නමුත් වැටුප් හෝ ආදායම් ඉහළ ගොස් නැත. තවදුරටත් වැටුපක් හෝ දීමනාවක් වැඩි නොවී රාජ්‍ය සේවකයින්ට කටයුතු කිරීමට නොහැකියාවක් එළැඹීමෙන් අය වැයෙන් අනිවාර්යෙන් රු. 20 000/- කින් වැටුප් වැඩි කිරීමක් හෝ රු. 20000/- ක දීමනාවක් හෝ ලබා දෙන ලෙසත්, 2016 අයවැය මඟින් රනිල් - මෛත්‍රී ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට අහිමි කළ පැවති පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් 2023 ඔක්තොම්බ3⁄4 30 දින දහවල් 12 - 01 කෑම පැයේ රටපුරා උද්ඝෝෂණයක නියැලීමට කටයුතු යොදා ඇත.

අය-වැයෙන් හෝ ඉන් අනතුරුව හෝ කෙසේ හෝ වැඩ කරන සිය සේවකයින්ට අවම සාධාරණ ඉල්ලා සිටින අගයකින් වැටුප් හෝ දීමනාවක් ලබා දෙන තෙක් ක්‍රියාමාර්ග ඉදිරියට යන බවත් දන්වා සිටිමු.

ඔක්. 30 දින පහත සඳහන් ස්ථානවල කෑම පැයේ (මධ්‍යහන 12 -01) උද්ඝෝෂණ සිදු කරන බව දන්වා සිටිමු.