දූෂිත ඖෂධ ගණුදෙනුවක් පිළිබඳ විගණන වාර්තාවෙන් හෙළිවන බව රවි කුමුදෙස් කියයි

දූෂිත ඖෂධ ගණුදෙනුවක් පිළිබඳ විගණන වාර්තාවෙන් හෙළිවන බව රවි කුමුදෙස් කියයි

2022 දෙසැම්බර් දක්වා කාලය තුල සිදු කල විගණනයකදී බරපතල දූෂිත ඖෂධ ගණු දෙණු 9ක් ගැන නවතම විගණන වාර්ථාවෙන් හෙලි වේ. ඒ බව විගණාධිපතිවරයාගේ එම වාර්ථාවට අදාලව Frusamide, Trastuzimab, Ceftraixone, Diclofenac Sodium, Etoricoxilo, Cetrizine, Clonazipam, Cefotaxime, Ipratropium යන ඖෂධ කාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෛද්‍ය සැපයුම් ඒකකයත් ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ අන්දම සම්බන්ධව බරපතළ ලෙස ප්‍රශ්න මතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා පවසා සිටී.

රවි කුමුදෙස් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, ලියාපදිංචි සහතික වලින් තොරව ඖෂධ ගෙන ඒම, ඖෂධ සැපයුම් කරුවන් විසින් ආරම්භයේ දී පෙන්වා දෙන නිෂ්පාදන සමාගම් වලින් මගහැර වෙනත් සමාගම් වලින් ඖෂධ ගෙන ඒම, ව්‍යාජ ලිපි ඉදිරිපත් කිරීම, එකිනෙකට පරස්පර විරෝධී ලේඛණ හා සාම්පල ඉදිරිපත් කිරීම, ඖෂධ බෝතල් වල පවතින ලේ බල හා සාම්පල් වල පවතින ලේබල් වෙනස්වීම, කල් ඉකුත් වීමට ආසන්න දිනවල දී ඖෂධ මිලදී ගැනීම, තත්ත්වෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කිරීම ඇතුළු බරපතළ ප්‍රශ්න ගණනාවක් ඉහත සඳහන් ඖෂධ කාණ්ඩ නමය තුළ නිරීක්ෂණය වන බව විගණකාධිපතිවරයා මෙම වාර්ථාවෙන් හෙලිදරව් කර ඇති බවයි.

ඉකුත් වසර දෙක තුලදි (2021, 2022) ඖෂධ කල් ඉකුත්විම සහ හානිවිම නිසා  රාජ්‍ය  ඖෂධ නිතිගත සංස්ථාවට  රුපියල් මිලියන  156.5 අලාභයක් සිදුවි ඇත. මුල්‍ය ප්‍රකාශනවලට අනුව  සංස්ථාවේ අලෙවිය සදහා  මිලදි ගෙන තිබු නමුත්, 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට  තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත්වු සහ හානිවු ඖෂධවල මුළු පිරිවැය  මිලියන 344.23කි. ඉකුත් වර්ෂය තුලදි  තත්ත්වයෙන් අසමත්  කල්ඉකුත් වු හානිවු  ඖෂධවල මුළු පිරිවැය  රුපියල් මිලියන 60.40කි. ඉකුත් වසර දෙක තුලදි කල් ඉකුත්වු සහ හානිවු ඖෂධ වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයවිමට  ඇති රුපියල් මිලියන 55.975ක් මුදලක්  මෙම වර්ෂයේ මාර්තු මස 31 වැනිදින විටත් අයකරගෙන නැත. තත්ත්වයෙන් අසමත් ඖෂධ වල වටිනාකම  සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමටත්  ඖෂධ කල් ඉකුත්විමට හේතු සොයාබලා  ඒ සදහා පිළියම් යෙදිමටත්  එම හේතුවලට වගකිවයුතු පාර්ශවයන්ගෙන්  අලාභ අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

සෞඛ්‍ය සේවාවේ දූෂිත ගණු දෙණු පිළිබඳව කෙතරම් හෙලිදරව් කිරීම් සිදු වුවද, කිසිදු පාර්ශවයක් සඳහා මෙතෙක් දඬුවම් ලබා දීමක් සිදු වී නොමැත.

වැරදි කාරයන්ට දඬුවම් නොදී ඉවත් කරන ක්‍රමය විලාසිතාවක් වී ඇති අතර, ඔවුන් වසර දෙක තුනකින් පසුව නිවැරදිකරුවන් හෝ වීරයන් ලෙස සුජාතකරණය කොට නැවත හිටපු තැන්වලම තනතුරු වලට පත්වීමද විලාසිතාවකි. එබැවින් ඖෂධ නියාමන අධිකාරියේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි කරුවන් ඉවත් කිරීම වෙණුවට,  ස්වාධීන පරීක්ෂණ ක්‍රමවේදයක් මගින් දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු. එසේම, විඝණන වාර්ථා කොල කැබලි වලට සීමා වීමට ඉඩ නොදෙමින්, අදාල වැරදි කරුවන් සඳහා දඬුවම් ලැබෙන ක්‍රමවේදය කඩිනම් වන තුරු, දූෂණ චෝදනා ඇති නිළධාරීන් නැවත පත් කිරීම් සිදු කිරීමෙන් වැලකීම රජයේ ඉහල බලධාරීන්ගේ සහ ජනාධිපතිවරයාගේ වගකීමක් බවද අප අවධාරණය කර සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

 

00124

001245678