වෘත්තීය සමිති රැසක් දීපව්‍යාප්තව වැඩවර්ජනයකට සූදානමක්!

වෘත්තීය සමිති රැසක් දීපව්‍යාප්තව වැඩවර්ජනයකට සූදානමක්!

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  අද 30) සහ හෙට යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ සඳහන් කරයි.

මේ අතර, අද දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වීමට තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ, මෙවර ‍අයවැයෙන් වැටුප් වැඩි වීමක් ඉල්ලා බලකරමිනි.

මේ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ද ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, පවතින ආර්ථික තත්ත්වය රාජ්‍ය සේවකයන්ට දරාගත නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තමන් ද උද්ඝෝෂණවලට සහාය පළ කරන බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු නොකළහොත් අඛණ්ඩ අරගලයකට එළැඹෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට එළඹීමට සැරසෙන බව සඳහන්ය.