මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

ඉදිරි අයවැය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (30) දි පැවැති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.