අක්ෂි කාච වංචාව ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

අක්ෂි කාච වංචාව ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අඩුමිල ලංසුව ඇති සමාගම මගහැර වැඩිම ලංසුව ඇති සමාගමට අක්ෂි කාච ප්‍රසම්පාදනය ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජන චන්ද්‍රගුප්ත මහතා පියවර ගෙන ඇතැයි අදාළ ලිපි ලේඛන සහිතව වෘත්තීය හා සිවිල් සංවිධාන විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කිරීමට අල්ලස් කොමිසම තීරණය කොට ඇත.

මේ සම්බන්ධව මීට පෙර අල්ලස් කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නිරීක්ෂණ කැඳවා තිබුණු අතර අල්ලස් කොමිසම අදාළ පැමිණිලිකාර පාර්ශ්වයන් වෙතින් සාක්ෂි ලබා ගනීම ඔක්තෝම්බර් මස 31 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රශ්න සහගත ගනුදෙනු සම්බන්ධව හෙළි කළ පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ තත්ත්වයන් පිළිගෙන අදාළ සමාගම් සමඟ එකඟතාවයට පැමිණෙමින් දූෂණ වංචා අක්‍රමිකතා වල නිරත වූ නිලධාරීන් බේරීමේ ප්‍රශ්නයක් අනුගමනය කරන බවත් දූෂණ වංචා අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරීන්ට ගණුදෙනුවක් සිදු වී ඇති බැව් පිළිගෙන එම වරද නිවැරදි කළ පමණින්ම ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසි අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවා කොමිෂන් සභාවේ නීතිමය ගැලවීමක් නොලැබෙන නමුත් අවාසනාවට මෙන් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ජනතාවගේ අවාසනාවක් බව මේ සම්බන්ධව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා පැවසීය.