කඳුරට දෙමළ ජනතාව සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීමට වැඩසටහනක්

කඳුරට දෙමළ ජනතාව සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීමට වැඩසටහනක්

ශ්‍රී ලාංකික වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සැපිරීම සනිටුහන් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම එම ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලාංකික පුරවැසියන් වන වතු ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට, ආර්ථික හා වෘත්තීයමය අවස්ථා ඇති කිරීමට සහ ස්ථිර පදිංචිය සහිත උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දීමට හැකි වන පරිදි ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව අදාළ වැඩසටහන් ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මඟ පෙන්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.