දූෂණය වංචාව සහ අක්‍රමිකතා වලින් තොර සෞඛ්‍ය සේවයක් සඳහා ද තමන් කැපවෙන බව වෛද්‍ය රමේෂ් පතිරණ කියයි

දූෂණය වංචාව සහ අක්‍රමිකතා වලින් තොර සෞඛ්‍ය සේවයක් සඳහා ද තමන් කැපවෙන බව වෛද්‍ය රමේෂ් පතිරණ කියයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (08) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

දැනට උද්ගතව ඇති ඖෂධ හිඟය ,ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැටලු හා මානව සම්පත් කළමනාකරණ විෂය පථයන් නවීකරණය යන ප්‍රධාන තේමාව න් යටතේ මෙම සාකච්ඡාව පත්වා ඇත.

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවන් දැඩි පාරදෘශ්‍යභාවය කින් යුක්තව හා විනිවිද බවකින් යුක්ත ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන යෝජනාවන් අමාත්‍යවරයාට භාර දීම මෙම කෘතිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදු කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලසීමාවේදී සිදු වූ දූෂණ වංචා හැකි පමණ අවම කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවන් වල පාර භාවය වැඩි කරමින් විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින දුර්වල පරිපාලනය  ක්‍රමිකව වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත.

සිවිල් මහ ජනතාවට බලපාන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම ජනමාධ්‍ය ඔස්සේ අවධානයට ලක් කරන ්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයන් ගෙන් සමන්විත කමිටුවක් සමඟ මාසිකව සාකච්ඡා පවත්වමින් සෞඛ්‍ය සේවයේ ගැටළු විනිවිදභාවයෙන් යුක්තව විසඳීම සඳහා පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා කැමැත්ත පළකොට ඇත.

ඖෂධ සම්බන්ධව නිසි පරිදි විශ්ලේෂණය කොට මූල්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා සෞඛ්‍ය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය තුළ ස්ථාපිත කරන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද සලකා බලන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කොට ඇත.