තැපෑල විකිණිමට එරෙහිව නුවරඑළියේ අද විරෝධතාවයක්

තැපෑල විකිණිමට එරෙහිව නුවරඑළියේ අද විරෝධතාවයක්

“නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව තැපැල් සේවයෙන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයට සියලු සේවකයින් සහභාගී වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම වර්ජනයට සමගාමීව අද (09) දින නුවරඑළිය තැපැල් කාර්යලය ඉදිරිපිටදී සියලූ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආගමික නායකයින් හා ප්‍රදේශයේ ජනතාව සමග විරෝධතාවයක් පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.