නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර ඔතාගෙන ආ පොලිතින් කොළ බෑග්වල තිබෙනු දැක විදුහල්පතිවරයා සිසුන්ට ඒවා කැවූ බවට වාර්තාවක් ලංකාදීප පුවත්පතේ දක්නට ලැබිණි. මෙම වාර්තා කෙතරම් දුරට සත්‍ය ද යන්න නොදන්නා මුත්, ලංකාවේ විදුහල්පතිවරුන් නමැති වෘත්තිකයන් පිරිස කම් වහා මනෝ සමාජ සහාය හෝ මානසික ප්‍රතිකාර ලබා දිය යුතු මට්ටමක සිටින බව නම් ඇත්තකි.
විදුහල්පතිවරුන් සිතන්නේ පාසල යනු ප්‍රභාකරන්ගේ වන්නි රාජ්‍යය වැනි මුදා නොගත් කලාපයක් කියාය. එබැවින් ඔවුන් තමන්ගේ එක එක මති මතාන්තර අනුව පාසල් සංවර්ධනය, විනය හැදීම වැනි විකාර කරති.
ලංකවේ පාසල්වලින් සිසුන්ට හරියට වැසිකිළි යාම, විනීතව ආහාර ගැනීම වැනි වැනි දේ පුරුදු පුහුණු කරන්නේ නැත. කම්කරුවන් ලෙස පත්වීම් ලබාගත් දේශපාලන බත්බැලයන්ගෙන් වැඩ කරවා ගැනීමේ සිට බොහෝ දේවලට අසමත් විදුහල්පතිවරුන් තමන් මාර වැඩකාරයන් බව ආදි සිසුන්, මව්පියන්, දේශපාලකයන්, නිලධාරීන් ආදීන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා අධ්‍යාපනය හෝ විධිමත් පරිපාලනය නොවන එක එක විකාර රාශියක් පාසල්වල කරති.
ඒවා මෙසේය:
ලංකාවේ අධ්‍යාපනය ගොඩගැනීමට නම්, විදුහල්පති සේවය ගැන වහා අවධානය යොමු කළ යුතුව තිබේ. පාසල් විදුහල්පතිවරුන්ගේ මුදා නොගත් කලාප තත්වයෙන් මුදාගෙන රාජ්‍ය පාලනයට යටත් කළ යුතුය.
(ඡායාරූපයේ සිටින්නේ අනාරක්ෂිත ඉදිකිරීමක් කඩාවැටීමෙන් සිසුවියක මිය ගිය වැල්ලම්පිටිය වේරගොඩ පාසලේ විදුහල්පතිවරයාය. ඔහුට මේ අන්දමින් ඇසකට හානි වන සේ පහරදීම සිදු නොවිය යුතු දෙයකි. සමස්ත විදුහල්පති දේවයේම හා අධ්‍යාපන පද්ධතියේ වරදක් එක් විදුහල්පතිවරයකුගෙන් නිවැරදි කළ නොහැකිය.)
| අජිත් පැරකුම් ජයසිංහ
