වැරදි සැපයුම් කළමනාකරණය හේතුවෙන්, රුපියල් මිලියන 349 ක් වටිනා  වෛද්‍ය සැපයුම් පසුගිය වසරේදී විනාශ කරලා

වැරදි සැපයුම් කළමනාකරණය හේතුවෙන්, රුපියල් මිලියන 349 ක් වටිනා  වෛද්‍ය සැපයුම් පසුගිය වසරේදී විනාශ කරලා

විඝණකාධිපතිවරයාගේ වාර්ශික වාර්ථාවට අනූව, රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, රසායන ද්‍රව්‍ය, ශල්‍ය අයිතම ඇතුළු සෞඛ්‍ය සේවා සැපයුම් පසුගිය වසරේදී විනාශකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා පමණක් හැත්තෑ නව ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී විනාශ කර තිබෙන අතර ඒ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියනයකට වඩා වැඩි බව වාර්ථා වෙනවා. තවාද, රුපියල් මිලියන 32ක පමණ ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති අතර, එම විඝණකාධිපති වාර්ථාවට අනූව ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු   තත්ත්වයේ තිබියදී පවා, ඒවා රෝගීන් සඳහා භාවිත කර තිබේ.

ඒ අතර සෞඛ්‍ය සේවාව සඳහා වෙන්කල ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් නිසි ප්‍රයෝජනයකින් තොරව ඉතිරිවී තිබීමද, ඇතැම් ආධාර මුදල් පවා භාවිතයට ගැනීම සඳහා නිසි කළමනාකරණ හැකියාවක් නොතිබීම හේතුවෙන් නැවත හරවා යැවීමට සිදු වී තිබෙන බවද ඇතැම් පර්යේෂණ මගින් හෙලි දරව් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවාව තුල සායනික හැකියාවන් කෙතරම් ඉහල මට්ටමක තිබුණද, ජන්මානු ගත කළමණාකරණ දුර්වල බවක් පවතින බව ඉතා පැහැදිළි වී තිබෙන අතර, අදාල විශායානුබද්ධ කලමණාකරණ ශක්‍යතාවය වෙනුවට සෑම විශය ක්ශේත්‍රයක් සඳහාම වෛද්‍ය නිලධාරීන් යෙදවීම සඳහා ඉහල සෞඛ්‍ය පරිපාළකයින් ගන්නා වැරදි තීන්දුව මෙකී දුර්වලතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත.

තමන්ගේ වගකීම සහ වගවීමට අදාල වපසරිය පවා නිවැරදිව තහවුරු කිරීමට නොහැකිවීම නිසා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සිව් දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වීම හේතුවෙන් සෞඛ්‍ය කළමනාකරණ යාන්ත්‍රණය බරපතර අභියෝගයකට ලක්ව ඇති අතර, වෛද්‍ය සැපයුම් අංශය තුල සියළු නිළධාරීන් තීරණ ගැනීමෙන් වැලකී සිටින තත්වයකට සෞඛ්‍ය සේවාව ඇද වැටී ඇත.

ඒ අතර තුර, වෛද්‍ය සැපයීම් අංශය විසින් ඖෂධ ඇතුළු අයිතම සියයක් පමණ භාර නොගැනීම නිසා, සෞඛ්‍ය සේවාව තුල විශාල අර්බුධයක් ගොඩ නැගෙමින් තිබෙනවා.

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගණුදෙනුව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයෙහි අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් සමගම, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තමන්ව සිර භාරයට ගැනීම වලක්වන ලෙස ගොනුකළ නඩුව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, රෝහල් ගත වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම නිළධාරීන්ගේ වැඩ ආවරණය කිරීමට වෙනත් නිළධාරීන් පත් කර නොමැති බැවින්, වෛද්‍ය සැපයීම් අංශයෙහි වර්ථමාන ප්‍රධානයා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් කරයුතු.කල යුතුව ඇත. කෙසේ නමුත් නියොජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින්, ඖෂධ ඇතුළු සැපයුම් භාර ගැනීම සිදු කලයුතු ආකාරය පිළිබඳව තමන්ට නිසි උපදෙස් මාලාවක් ලිඛිතව ලබා දෙන සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ඉල්ලා ඇති නමුත්, දින දහයක පමණ පමණ ගතව තිබියදීත්  සෞඛ්‍ය ලේකම් වරයා විසින් මෙතෙක් එම උපදෙස් මාලාව නිකුත් නොකිරීම හේතුවෙන්, වෛද්‍ය සැපයීම් අංශය විසින් සැපයුම් නිළ වශයෙන් භාර ගැනීම ප්‍රතික්ශේප කරමින් සිටී. ඒ හේතුවෙන්, මේ වනවිටත් අයිතම සියයකට අධික අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

මේ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නිශ්පාදනය සංස්ථාවේ ඖෂධ කන්ටේනර කිහිපයක් දින දහාක පමණ කාලාක් මහාමාර්ගයේ නතර තබා නැවත පිටත්ව ගොස් ඇත. ඊට අමතරව දේශීය සැපයුම්කරුවන්, විදේශීය සැපයුම්, ඖෂධ සංස්ථාව  පමණක් නොව ආසියානු සංවර්ධන බැංකුව, AIIB, යුනොප්ස් ඇතුළු සංවිධාන හරහා ආධාර වශයෙන් ලැබෙන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් පවා නැවත හරවා යැවෙන තත්වයකට පත්ව තිබේ.

මෙම තත්වය සෞඛ්‍ය සේවාව තුල ඉදිරියේදී විශාල අර්බුධයක් ගොඩ නැංවීමට හේතු වුවද, ඇඟ බේරාගෙන සිටීම බොහෝ සෞඛ්‍ය බලධාරීන්ගේ පිළිවෙත වී තිබීම හේතුවෙන් හා, එලෙස කාළයක් තිස්සේ නිසි ලෙස වගකීම් ඉටු නොකල නිලධාරීන් වීරයන් ලෙස සැලකීමේ පිලිවෙතක් නිර්මාණය වී ඇති බැවින්,  ජනාධිපතිවරයාගේ සහ රජය සාම්ප්‍රාදායික මානසික බවෙන් මිදෙමින් මෙම අර්බුධය සඳහා සැබෑ කළමාණාකරණ පිළියමක් යෙදිය යුතුය.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය