සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීම් දීපයක් මුල් කරගෙන කැඳවා තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය දිනවලදී සෞඛ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමිය සෞඛ්‍ය ලේකම්තුමන් ඇතුළුව අමාත්‍යාංශය  නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවේ දී දක්වන ලද සාධනීය ප්‍රතිඵල මත අද (29) දින සිට සියලු වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මාධ්‍ය විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලද බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව මේ දක්වා ‍ක්‍රියාත්මක සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සිටුවමින් අද (29) දින සිට රාජකාරි සියල්ලම සාමාන්‍ය පරිදි ඉටු කිරීමත් සියලු රැස්වීම් සඳහා සහභාගී වීමත් අද දින සිට ඉටු ඉටු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමය ලෙස සියලුම සාමාජිකයන් වෙත දන්වා සිටී.

මේ වන විට  විවිධ පළාත්වල විවිධ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විවිධාකාරයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයහ්  යෙදෙන අතර දැනට සියලු රාජකාරි ඉටු කරන තත්ත්වයක් තුළ වාර්තා ලබාදීම සහ  රැස්වීම් වලට සහ සහභාගි වීම ආදී කාර්යයන් දිස්ත්‍රික්ක තුළ සහ තමන් තමන්ගේ ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරමින් පැවතීම  තවදුරටත් මෙම වෘත්තිය ක්‍රියා මාර්ග ඉදිරියට පවත්වාගෙන යාම් බාධාවක් ඇති බැවින් සහ මේ වන විට අදාල සාකච්ඡා සටහන් සකස් කොට අවසන් අදියරේ පවතින බැවින්  අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධව කරන ලද ඉල්ලීමත් සලකා බලා මේ දක්වා පැවති සියලු වෘත්තීය ක්‍රියා මාර්ගවල දී ලබාදුන් සාකච්ඡා වලට වඩා සාධනීය සහ පිළිගත් හැකි විසඳුම් ගණනාවකට ප්‍රවේශයක් මෙම සාකච්ඡාව තුළින් ලබා දීමක් මත හා නව අමාත්‍යවරයා සහ  සෞඛ්‍ය ලේකම්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිපත්තිමය එකඟතාවක් හේතුවෙන්  මේ දක්වා ක්‍රියාත්මක වාර්තා ලබා නොදීමේ  ක්‍රියා  මාර්ග තව තාවකාලිකවක්‍රියා මාර්ගය තාවකාලිව අත්හිටුවීමට ඊයේ රාත්‍රී  මධ්‍ය විධායක සභාව තීරණය කරන ලදී.

ඒ අනුව මේ සම්බන්නධයෙන්  අදාළ අමාත්‍යාංශ නිල නිලධාරීන් දැනුවත් කිරීම්ටත් සියලු සාමාජිකත්වය දැනුවත් කිරීම්ටත් අද දින තුළ සියලු ලිපි ලේඛන අදාල ආයතන වෙත යොමු කිරීමටත් තීරණය කරන ලදී මීට අමතරව අද දින දක්වා වාර්තා නොදී මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගන්නා ලද සියලු තීරණ වලට අනුව මේ දක්වා ලබා නොදුන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් නොකිරීම්ටත් තීරණය කරන ලදී.