වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සායනික කාර්යමණ්ඩලයට පුහුණුවට කැබිනට් අනුමැතිය

වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සායනික කාර්යමණ්ඩලයට පුහුණුවට කැබිනට් අනුමැතිය

රුධිර පාරවිලයන වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සායනික කාර්යමණ්ඩලයේ රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් අධ්‍යාපනික වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 41.28ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.

යෝජිත වැඩසටහන යුරෝපයේ, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවය හා ආසියානු රුධිර පාරවිලයන සංගමය යන හවුල්කරුවන්ගෙන් සමන්විත එකමුතුව විසින් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් අතර සාමූහික ගිවිසුමකට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.