සිසු හෙද අයදුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ පණිවුඩයක්

සිසු හෙද අයදුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ පණිවුඩයක්

සිසු හෙද පුහුණූවට තෝරා ගැනීමට   මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ වලට අදාළ සියලු විස්තර මේවන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පල කර ඇත .

මේ සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර තමන් හට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය හා ඊට අදාළ සියලු විස්තර දැනගන්නා මෙන් සෞඛ්‍ය  අමාත්‍යාංශය අයදුම්කරුවන් වෙත දන්වා සිටී.

2019/2020 අ.පො. ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් 4000 කට අධික ප්‍රමාණයකගෙන් සිසු හෙද පුහුූණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ මේ  මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ‍