ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන අංකයක්

ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන අංකයක්

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද  සිට (06) ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව පෙරවරු 8.00 සිට  රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ඇත.

මේ පිලිබදව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය ඔබගේ පහසුව සදහා ලබා දෙන අතර  මේ පිලිබදව ඔබගේ මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.