ඩෙංගු මර්දන වැඩසටහන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරට ගනී

ඩෙංගු මර්දන වැඩසටහන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරට ගනී

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂාවරුන්ගේ සංගමයේ ලෙස සියලුම සාමාජිකයන්ට දන්වා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂාවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද අධි වසංගත තත්ත්වයක් ඇතිවී මහජනතාවට පවතින දැඩි ආර්ථික  දුෂ්කරතාවයන් වලට අමතරව තවත් රෝගයකට ගොදුරු වීමේ අවධානමකට හෙළීමට  අවස්ථාව නොදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස අප හොඳින්ම වටහාගෙන ඇත. එහෙත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඩෙංගු මර්දන ඒකකයේ දී වගකිවයුතු නිලධාරීන් ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් බලයලත් නිලධාරීන් ලෙස පත්කොට ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් නොසලකා හැර කටයුතු කළද   මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා මෙම ඩෙංගු මර්දන වැඩසටහනට පූර්ණ සහයෝගය පළකරන බව මෙහිදී සඳහන් කළ යුතුය .

 මෙම වැඩසටහනේදී ඩෙංගු රෝගය පැතිර යාමට සඳහා නොසැලකිලිමත් ලෙස කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වන අතර මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙතින් ලබාදෙන සහයෝගය සඳහා භාවිතා කිරීමටත් එමෙන්ම රජය සියලු රාජ්‍ය ආයතන මගින් ලබා දෙන සහයෝගය මෙන්ම සහායද ප්‍රයෝජනයට ගෙන ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඩෙංගු මර්දන ඒකකයද නොදැන සිටියද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ රාජකාරිමය වගකීමක් බවද සඳහන් කළ යුතුය.  මේ සම්බන්ධව ඍජු ප්‍රතිපාදන සම්බන්ධයෙන් බෝවන රෝග පාලන කටයුතු සම්බන්ධ පුහුණුව ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා 2007 අංක 11 දරණ මදුරුවන් මගින් බෝන රෝග වැළැක්වීමේ පනත යටතේ සහ නිරෝධායන ආඥාපනත යටතේ ලබා දී ඇත

මේ අනුව මෙම සතිය තුළදී ඩෙංගු රෝගය පැතිර යාමට හැකිලෙස  ස්ථාන  පවත්වාගෙන යන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බැවින් තමන්ට අයත් පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට සෑම පුරවැසියෙක්ම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධව නොසලකාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම මත දඩ මුදලකට මෙන්ම සිරදඬුවමකටද යටත් වීමේ අවධානමක්ද පවතින බව සඳහන් කළ යුතුය

මේ අනුව ඉදිරියේ දී හෝ ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග පිළිබඳ වැඩසටහන් වලදී මෙන්ම සාකච්ඡාවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොසලකා හැරීම් සිදු නොවනු ඇතැයි  බලාපොරොත්තු වන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාද මේ වන විට දැනුවත් කර ඇත. එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇතිවීමට ඉඩනොතබන බවට සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම්වරයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දන්වා ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි