අතුරු වෛද්‍ය නිලධාරිනුත් වර්ජනයකට සුදානම්

අතුරු වෛද්‍ය නිලධාරිනුත් වර්ජනයකට සුදානම්

අතුරු වෛද්‍ය ඒකාබද්ධ බළමණ්ඩලය විසින් තම වෘත්තීන්ගේද දීමනා වැඩිකරන ලෙස ඉල්ලා එළඹෙන ජනවාරි 10 දින සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ,

මේ වන විට වෛද්‍යවරුන් ගේ DAT දීමනාව රු.35000 කින් වැඩිකර ඇත.

වෛද්‍යවරුන් සදහා රු.50000 ක මුදලක් වැඩිවුවත් අපි ඊට විරුද්ධ නොවෙමු. නමුත් ඒ සදහා අපට ගෙවන රු.3000 එලෙසින්ම තබා වෛද්‍ය නිලධාරීන්සදහා රු. 35000 ක්ව තිබුණු දීමනාව තවත් රු.35000කින් වැඩිකර ඇත.

ඊට සාපේක්ෂව අපටද දීමනාව වැඩිකරගැනීමේ අරමුණින් 2024.01.10 වන දින පෙ.ව.8.00 සිට සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට අතුරු වෛද්‍ය ඒකාබද්ධ බළමණ්ඩලය තීරණය කර ඇත.